Latest News

පලස්තීන රාජ්‍යයක් ගැන ප්‍රංශ ජනපතිගෙන් කොළ එළියක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශය පවසනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට රූපවාහිනියට පැවසුවේ තම රට සෞදි ආරාබිය සමග සම සභාපතීත්වය දරණ ඊශ්‍රායල පලස්තීන ගැටුම් පිළිබඳ ජුනි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවක දී මේ බව දැනුම් දෙන බවයි.

තමන් මෙම පියවර ගනුයේ කිසිවෙකුත් සතුටු කිරීමට නොවන බව ද මැක්‍රොන් පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ද්වි රාජ්‍ය විසදුමට අනුකුලව නිවැරදි දිශාවට තබන පියවරක් වනු ඇති බවයි.

පලස්තින රාජ්‍යයක් සඳහා වන ඕනෑම ඒකපාර්ශවික පිළිගැනීමක් හමාස් සංවිධානයට දිරිගැන්වීමක් වනු ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එය ත්‍රස්තවාදයට ත්‍යාගයක් සහ හමාස් සංවිධානයට තල්ලුවක් වනු ඇති බව ද ඔහු පවසනවා.

එක්සත් ජාතින්ගේ සාමාජික රටවල් 193න් 146ක්ම පලස්තීනය ස්වෛරී රාජ්‍යයක් ලෙස මේ වන විට පිළිගෙන තිබෙනවා.

World News

Send your contact Details Today