Latest News

අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා Debit සහ Credit කාඩ්පත් වලංගු කරයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා Debit සහ Credit කාඩ්පත් මෙන්ම QR කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇති.

මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වන බවයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

World News

Send your contact Details Today