තරුණ ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකගේ Facebook සහ Messenger ගිණුම්වල අද සිට නව වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පරිශීලකයින්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අද සිට ස්වයංක්‍රීයව Teen Accounts හෙවත් යොවුන් ගිණුම් වෙත මාරු වනු ඇති.
ඔස්ට්‍රේලියාවේ නව යොවුන්වියේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ සීමාවන් පැනවීම මෙම නව වෙනසේ අරමුණයි.
Teen Accounts මගින් අන්තර්ගතයන් පාලනයට, පණිවිඩ සීමාවන් සහ නුසුදුසු අන්තර්ගතයන් සහ අනවශ්‍ය සබඳතාවලින් දරුවන් ආරක්ෂා කිරීමට හැකි වනවා.
එමෙන්ම සෞඛ්‍ය සම්පන්න සමාජ මාධ්‍ය හැසිරීම් දිරිමත් කිරීම සඳහා තිර කාල අනතුරු ඇඟවීම් ඇතුලු ආරක්ෂණයන් ද එහි ඇතුලත් වනු ඇති.
මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ඉන්ස්ටර්ග්‍රෑම් හි ද යොවුන් ගිණුම් සඳහා අමතර ආරක්ෂාවක් හඳුන්වා දෙන බව සමාජ මාධ්‍ය නිවේදනය කරනවා.
එමගින් වයස අවුරුදු 16 ට අඩු පරිශීලකයින්ට දෙමාපියන්ගේ අවසරයකින් තොරව Instagram ඔස්සේ සජීවීව එක්වීම තහනම් කිරීමටයි සූදානම් වන්නේ.