Latest News

ට්‍රම්ප්ගේ බදුවලට එකට එක කළ චීනයට සිදු වුණ දේ

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා ඇති බව, විදෙස් වාර්තා වල සඳහන්.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ විධායක නියෝගයකට අනුව පසුගිය 2 වැනිදා රටවල් රැසක් සම්බන්ධයෙන් නව තීරු බදු ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් කළා.

අමරිකාව චීනයට මුලින්ම 34% ක තීරු බද්ධක් පැනවීමට කටයුතු කළ අතර එයට ප්‍රතිචාරයක් ලෙස චීනය අමෙරිකාව සඳහා 34% තීරු බද්දක් පැනවීමට කටයුතු කළේ ඒ අනුවයි.

ට්‍රම්ගේ ප්‍රතිචාරය වූයේ 50% තවත් තීරු බදු චීනයට පැනවීමයි.

ඊයේ (09) අමෙරිකාව නිවේදනය කළේ,104% තීරු බද්දක් යළිත් චීනයට පනවන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක්මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා තිබෙනවා.

කෙසේ නමුත් මීට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර රටවල් රැසකට පැනවූ තීරු බදු දින 90ක කාලයකට තාවකාලිකව අත්හිටවීමට පියවර ගෙන තිබෙනවා.

මාධ්‍යවේදීයා – ඔබ සී ජින් පින් සමග සාකච්ඡා කරන්න කැමතිද ?

(ඩොනල්ඩ් ට්‍රම්ප් – අමෙරිකානු ජනාධිපති)

ඔව්. ඇත්තවශයෙන්ම. ඔහු මාගේ යහළුවෙක්. මම කැමතියි ජනාධිපති ෂී ජින් පින්ට. ඔවුන් අපේ රටට හරි විදිහට සලකලා නැහැ. ජපානය, දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් ඉන්නවා. මේ හැමෝටම ඕන ඩීල් එකකට යන්න. අපිට කරන්න ඕන අපේ රටට හරි දේ. ලෝකයටත් හරි දේ.

කෙසේ වෙතත් චීනය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.

World News