අමරිකානු ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විසින් වසර දෙසියයකට ආසන්න කාලයකට පෙර රෝපණය කළ බවට විශ්වාස කෙරෙන ඓතිහාසික “ජැක්සන් මැග්නෝලියා” ගස 2025 අප්‍රේල් 7 වන දින ධවල මන්දිරයේ දකුණු පෝටිකෝවෙන් ඉවත් කර තිබෙනවා.
මෙම සුවිශේෂී මැග්නෝලියා ගස, ප්‍රධාන පෙළේ පුද්ගලයින් පිළිගැනීමේ හා ජනාධිපති පිටත්වීමේ උත්සව පැවැත්වෙන ස්ථානයක පිහිටා තිබූ අතර, ධවල මන්දිර භූමියේ පැවති පැරණිතම ගස් අතරින් එකක් ලෙසයි සැලකුණේ.
මැග්නෝලියා ගස දැනටමත් එහි විශේෂයේ සාමාන්‍ය ජීවිත කාලය (වසර 80-120) ඉක්මවා ගොස් තිබූ අතර, කප්පාදු කිරීම් සහ රැහැන් සහාය ඇතුළු පුළුල් නඩත්තු කටයුතු අවශ්‍ය වී තිබුණා.
ගසේ නරක අතට හැරෙන තත්ත්වය හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඓතිහාසික වාර්තා අනුව, ඇන්ඩෲ ජැක්සන් 1829 දී ඔහු ධුරයට පත්වීමට කෙටි කාලයකට පෙර මිය ගිය ඔහුගේ බිරිඳ රේචල්ගේ මතකය සඳහා, ටෙනසී හි ඔහුගේ නිවස වූ ද හර්මිටේජ් හි බීජ භාවිතයෙන් ගස රෝපණය කළ බව සඳහන්.
ගසේ උරුමය සුරැකීම සඳහා, මුල් ගසෙන් වගා කරන ලද පැළයක් එහි ස්ථානයේ රෝපණය කරනු ඇතති.
ජාතික උද්‍යාන සේවය ඉවත් කරන ලද මැග්නෝලියා ගසේ දැව “උතුම් අරමුණු” සඳහා යළි භාවිතා කිරීමට සහ ඓතිහාසික ලේඛනාගාර සඳහා සාම්පල තබා ගැනීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වනවා.