චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම බදු අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
CNN වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ චීනයෙන් ආනයනය කරන සියලු ම භාණ්ඩ වෙනුවෙන් මෙලෙස තීරුබදු ඉහළ නංවා ඇති බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන – අමෙරිකා වෙළෙඳ සබඳතා තවදුරටත් දුරස්ථ තත්ත්වයකට ඇද දමමින් මීට සතියකට පමණ පෙර චීනයට එරෙහිව පැනවූ තීරුබදු ප්‍රමාණයට අමතර ව සියයට 104 පනවා ඇති බව වාර්තා වනවා.
ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය” තීරුබදු පැකේජයේ කොටසක් ලෙස චීනය දැනටමත් 34%කින් තීරුබදු වැඩිවීමක් තිබෙනවා.