Latest News

ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව චීනය සීතල යුද්ධය අරඹයි

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ට්‍රම්ප්ගේ තීරුබදු ආපසු හරවා ගැනීම සඳහා අවසානය දක්වා සටන් කරන බවට චීනය ප්‍රතිඥා දී තිබෙනවා.

අමරිකා බදුවලට ප්‍රතිචාර දක්වමින් චීනය පනවා ඇති නව බදු අද (08) දිනයේදී ඉවත් නොකළහොත් චීනයට අමතර 50% ක තීරුබදු පනවන බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

එම ප්‍රකාශයෙන් පසුවයි චීනය මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ.

බීජිංහි වාණිජ අමාත්‍යාංශය පැවසුවේ “අමරිකා එක්සත් ජනපදයේ බ්ලැක්මේල් ස්වභාවය” කිසි විටෙකත් පිළි නොගන්නා බවයි.

ඒ අනුව තමන් අවසානය දක්වා සටන් කරන බව චීනය සඳහන් කරනවා.

නව තීරුබදු හේතුවෙන් චීනයෙන් ඇතැම් භාණ්ඩ ගෙන එන සමහර ඇමරිකානු සමාගම් 104% ක බද්දකට මුහුණ දිය යුතු වනවා.

බොහෝ ආසියානු වෙළඳපොළ අද ඉහළ ගොස් ඇති නමුත් තායිවානය තවත් 4% ක පහත වැටීමක් පෙන්නුම් කළා.

ලන්ඩනයේ FTSE 100 ඇතුළුව යුරෝපයේ විශාලතම කොටස් වෙළඳපොළ සියල්ලම ඊයේ 4% කට වඩා පහත වැටී තිබුණා.

World News