ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පනවා ඇති 44% බද්ද සම්බන්ධයෙන් ලොව රටවල් රැසක් අවදානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් අනුගමනය කරන ලෙස අමරිකාවෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව අමරිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ආකාරය සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පනවා ඇති නව තීරුබදු ඉවත් කිරීමට නම් එම රටවල් විශාල මුදලක් අමරිකාවට ගෙවීමට සිදුවනු ඇතැයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙන බව ද වාර්තා වනවා.
ඒ අනුව ලොව පුරා මුල්‍ය වෙළඳපොළවල් ඉදිරි සතියේදී පහළ යනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙය අමරිකානු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක ක්‍රමයක් ලෙස ද බොහෝ පිරිස් හුවා දක්වා තිබෙනවා.
මේ අතර අමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් පනහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධවල මන්දිරය හා සම්බන්ධ වීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.