Latest News

2025 පළමු මාස 03 තුළ ලංකාවට ගෙන් වූ වාහන ගණන ගැන වාර්තාවක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වර්ෂයේ පළමු මාස තුන තුළ, යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන 37,463ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි කිරීම් ලෙස වාර්තා වී තිබෙනවා.

මෙහිදී යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්), ත්‍රිරෝද රථ 195ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ ලියාපදිංචි කිරීම් සිදු වී තිබෙනවා.

2024 වසර තුළ මේ දක්වා වාහන 74,410ක් නව ලියාපදිංචි කිරීම් ලෙස වාර්තා වී ඇති අතර, එයින් මෝටර් රථ 1,644ක්, යතුරුපැදි 65,289ක්, ත්‍රිරෝද රථ 83ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේයී ලියාපදිංචි කර ඇත්තේ.

World News

Send your contact Details Today