Latest News

මිනිස් වාසයක් නැති ඔස්ට්‍රේලියා දූපත්වලටත් අමරිකාවෙන් බදු

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවට අපනයනයක් සිදුනොවන ඔස්ට්‍රේලියා දූපත් කිහිපයකට ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ බද්දක් පනවා තිබෙනවා.

පෙන්ගුයින් සහ සීල් මත්ස්‍යයින් පමණක් වාසය කරන ගොඩනැගිල්ලක් හෝ මිනිස් ජනගහනයක් නොමැති McDonald සහ Heard Island දූපත් සඳහාද ට්‍රම්ප් බදු පනවා ඇති බවයි වාර්තා වන්නේ.

2,200 ක ජනගහනයකින් යුත් සංචාරක ආකර්ෂණයක් ඇති අමරිකාවට කිසිදු අපනයනයක් සිදුනොකරන Norfolk දූපතට ද ට්‍රම්ප් විසින් සියයට 29 ක තීරු බද්දක් පනවා තිබෙනවා.

එය ඔස්ට්‍රේලියාවට පනවා ඇති තීරු බද්ද මෙන් තුන් ගුණයක් බවයි දූපත් පරිපාලකයින් කියා සිටියේ.

එමෙන්ම Cocos සහ Christmas දූපත්වලට ද ට්‍රම්ප් විසින් අධික තීරුබද්දක් පනවා තිබෙනවා.

කෙසේවෙතත් අගමැති ඇන්තනී ඇල්බනීස් පවසන්නේ අමරිකාව මෙම දූපත්වලට පැනවූ තීරු බද්දෙන් අදහස් වන්නේ පෘථිවියේ කිසිවෙකුත් අමරිකාවෙන් ආරක්ෂිත නොවන බවට ඉඟියක් බවයි.

World News