Latest News

ට්‍රම්ප්ට සහ මස්ක්ට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා (PHOTOS)

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ලොව ධනවත්ම මිනිසා ලෙස සැළකෙන ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අමෙරිකාවේ ප්‍රාන්ත 50 ම ඇතුළත් වන පරිදි ස්ථාන 1,200 ක ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඊලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පවත්වා ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ.

ජනපති ට්‍රම්ප් ගේ තීරු බදු පැනවීම් ඇතුළු ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවිය හැකි බවටයි එම විරෝධතාකරුවන්ගේ අදහස වී ඇත්තේ.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06 කට ආසන්න ධනයක් විනාශ කිරීමට අමෙරිකානු ජනපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගනිමින් සිටින බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

World News

Send your contact Details Today