ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කළ තීරුබදු ලැයිස්තුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ගෝලීය ආර්ථිකය කඩා වැටීම ආරම්භය සිදුවූ බවත්, ජනාධිපතිවරයා අමෙරිකාවේ විමුක්ති දිනය ලෙස හඳුන්වනු ලැබූ එදින අමෙරිකාවේ උද්ධමන දිනය බවට පත්වනු ඇති බවත් යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රධානි බර්න්ඩ් ලැන්ගේ ප්‍රකාශ කරනවා.
සියලු ආනයනික භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ නැංවීමට ට්‍රම්ප් ගත් තීරණය අතිශය අසාධාරණ සහ ව්‍යාකූල පියවරක් බවත්, එමගින් අමෙරිකාව තුළ සියලු භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇති බවත් යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රධානි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.