Latest News

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ තායිවාන සෙබළුන් 04කට වැඩ වරදී

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානයේ අධිකරණයක් එරට හමුදා සෙබළුන් සිව්දෙනකුට වසර 7ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ චීනයට වෙනුවෙන් ඔත්තු සැපයූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.

එම හමුදා සෙබළුන් අතර තායිවාන ජනාධිපති ආරක්ෂක ඒකකයේ සෙබළුන් තිදෙනකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ඒකකයේ සෙබළකු සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

වසර 2022 සහ 2024 අතර කාලසීමාවේදී තායිවාන හමුදාවේ අභ්‍යන්තර තොරතුරු තුන්වැනි පාර්ශ්වයක් අතට පත් කරමින් එරට ජාතික ආරක්ෂක පනත උල්ලංඝනය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වූ අතර, මාස කිහිපයක් පුරා එම තොරතුරු ලබා දී ඇතැයි ද තායිවාන අධිකරණයට කරුණු වාර්තා වී තිබෙනවා.

තායිවාන අධිකරණ වාර්තා අනුව ආරක්ෂක තොරතුරු සිය ජංගම දුරකතන මගින් ඡායාරූපගත කිරීම සඳහා එම හමුදා සෙබළුන්ට නව තායිවාන ඩොලර් දෙලක්ෂ හැටදහසක සිට හයලක්ෂ හැටදහස දක්වා මුදල් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today