Latest News

නව තීරු බදු නිසා චීනයෙන්, අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව තීරු බදු අවලංගු කරන ලෙස චීනය, අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.

එසේ නොකළහොත් ඊට ප්‍රතිපියවර ගන්නා බවයි චීනය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවධාරණය කර ඇත්තේ.

අප්‍රේල් පස්වනදා සිට අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක අනිවාර්ය විෂ්වීය තීරු බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.

අවම ප්‍රමාණය 10%ක් වන අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ගන්නවා.

චීනයට එම සංඛ්‍යාව 34%ක්.

අමෙරිකාවට චීනයෙන් විශාල වශයෙන් භාණ්ඩ ගෙන්වන බැවින් මින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ චීනයට බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ තීරු බදු අවලංගු කරන ලෙසත් එසේ නොකළහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් චීනය පවසනවා.

සෙසු ලෝක නායකයන් ද නව තීරු බදු පිළිබඳ කනස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ වෙළෙඳ යුද්ධය ආරම්භ වී ඇති බවයි.

මේ අතර ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තියත් සමග ආසියා කොටස් වෙළෙඳපොළ ද පහත වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today