Latest News

Paris 2024 Olympics: අරුණ අවසන් පූර්ව වටයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවුණා.

මූලික වටයේ තරග (Heats) 06කින් සමන්විත වූ මෙම තරග ඉසව්වේ 05වැනි මූලික තරගයට අරුණ සහභාගි වුණා.

එහිදී ඔහු තත්. 44.99කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා.

මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වූයේ තත්. 45.30ක්.

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්. 45ට අඩුවෙන් අවසන් කළ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමටද අරුණට හැකිවුණා.

අරුණට මෙවර ඔලිම්පික් වරම් හිමිවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවූ ක්‍රීඩකයෙකු ලෙසින්.

World News

Send your contact Details Today