Latest News

අමෙරිකාව කල වැඩකට, චීනයෙන් දැඩි විරෝධයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් චීන ආයතන රැසක් “අපනයන පාලන ආයතන ලැයිස්තුවට ” ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු විසින් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

අමෙරිකාව ජාතිකාරක්ෂක සංකල්පය අඛණ්ඩව ව්‍යාප්ත කර අයුතු ලෙස අපනයන පාලන පියවර ක්‍රියාත්මක කරමින් චීන ආයතන රැසක් “අපනයන පාලන ආයතන ලැයිස්තුවට ” ඇතුළත් කිරීම හෙළා දකින බවයි ඔහු එහිදී කියා සිටියේ.

අමෙරිකාවේ එම ක්‍රියාව අදාළ ආයතනවල නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය කරන අතර ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයේ ස්ථායීතාව ද විනාශ කරන බව ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම අමෙරිකාවේ මෙවැනි ක්‍රියාවන් දෙපාර්ශ්වය අතර සංවාදය හා සහයෝගිතා මගින් ගැටළු විසඳා ගැනීමට ඉවහල් නොවනු ඇති බවත් මෙම වැරදි ක්‍රියා වහාම නතර කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවත් චීනය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම චීනය නිසි පියවර අනුගමනය කරමින් චීන ආයතනවල නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කරනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇති බවත් සඳහන්.

World News

Send your contact Details Today