Latest News

අමෙරිකාවට ආනයනය කරන මෝටර් රථවලට නව බද්දක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සදහා ලබන මස 2 වැනිදා සිට සියයට 25ක නව බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා.

පසුගිය වසරේ පමණක් අමෙරිකාවට මෝටර් රථ ලක්ෂ 80ක් පමණ ආනයනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ සඳහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 240ක් වනවා.

මෙම තීරණය හරහා අමෙරිකාවේ මෝටර්රථ නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීමටයි අමෙරිකානු ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ.

මේ වනවිට ජපානය, මෙක්සිකෝව සහ දකුණු කොරියාවෙන් අමෙරිකාවට මෝටර්රථ ආනයනය කරනු ලබනවා.

World News

Send your contact Details Today