තුර්කියේ 1,400 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග තවත් දහස් ගණන් පිරිස් තුර්කි විරෝධතාවට එක්ව සිටිනවා.
ශිෂ්‍යයින්, මාධ්‍යවේදීන් සහ නීතිඥයින් ඇතුළු 1,400 කට අධික පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් විරෝධතා ක්‍රියාත්මක වූ හත්වන දින එනම් ඊයේ රාත්‍රියේ විරෝධතා සඳහා දහස් ගණනක ජනතාවක් පැමිණ සිටියා.
එරට ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා ලෙස සැලකෙන නගරාධිපති එක්‍රෙම් ඉමාමොග්ලු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමත් සමඟයි පසුගිය බදාදා රාත්‍රීයේ සිට මෙම නොසන්සුන්තාව හටගත්තේ.