Latest News

අලුත් අවුරුද්දට සහන මල්ලක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“කාලීන ආහාර පැකේජය” ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් ලබාදීමේ ජනාධිපතිවරයාගේ 2025 අයවැය යෝජනාවට අනුව, රුපියල් 5,000ක වටිනාකමකින් යුත් “කාලීන ආහාර පැකේජයක්” රුපියල් 2,500ක සහන මිලකට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා අස්වැසුම් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නව අයදුම්පත් 812,753ක් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අතරින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතයි.

ඒ අනුව, 2025 අප්‍රේල් 1 සිට 2025 අප්‍රේල් 13 දක්වා කාලය තුළ රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් හරහා මෙම ආහාර පැකේජය ප්‍රතිලාභීන්ට බෙදා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

World News

Send your contact Details Today