චීනයේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයන් රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වාචිකව සහ ශාරිරීක ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට පළාත් 16ක රෝහල් 134ක් අධ්‍යයනය කිරීමෙන් පසු නිකුත් කළ වාර්තාවකට අනුව රෝහල් ප්‍රචණ්ඩත්වය 65.8%ක් බවට හෙළි වී ඇති අතර, ඊට 11.8% ක ශාරිරීක ප්‍රචණ්ඩත්වයක් සහ 64.9% ක වාචික ප්‍රචණ්ඩත්වයක් ඇතුළත් වනවා.
චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන ජාතික මහජන කොංග්‍රසය 2019 වසරේ අගභාගයේදී මූලික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන නීතියක් සම්මත කරමින් කිසිඳු සංවිධානයක් හෝ පුද්ගලයකු විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට තර්ජනය කරනු ලැබීම හෝ අනතුරට ලක් කරනු ලැබීම තහනම් කළ ද, රෝහල් ආරක්ෂණ පද්ධතිය වර්ධනය කිරීමටත්, ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් බලධාරීන් දැඩි පියවර ගත යුතු බවට එරට ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.