Latest News

SL vs IND | ODI Match 02: හැමෝගෙම අවධානය ගත් ක්‍රීඩකයාත් අබාධයකට ලක්වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

දෙරට අතර පැවැති පළමු තරගයේ සිය 10 වැනි පන්දුවාරය යොමු කරමින් සිටිය දී ඔහුගේ වම් පාදයේ ආබාධයක් ඇති වුණා.

මේ බව MRI පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇති බව සඳහන්.

ඒ අනුව වනිඳුගේ ආදේකයක් ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ඉන්දීයාවට එරෙහිව විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා නම් කළ සංචිතයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු ආබාධ සහ අසනීප තත්ත්වය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වුණා.

ඉන් පස් දෙනෙකු වේගපන්දු යවන්නන් වීමත් විශේෂත්වයක්.

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ දිල්ෂාන් මධුෂංඛ සහ මතීෂ පතිරණට එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වුණා.

දෙරට අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී මතීෂ ආබාධයකට ලක් වුණා.

පුහුණු සැසියක් අතර දිල්ෂාන් මධුෂංඛ ආබාධයකට ලක් වූ බවටයි තොරතුරු වාර්තා වූයේ.

දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු අසනීප තත්ත්වය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වුණා.

පන්දු රැකීමේ පුහුණුවීම්වල නිරත වෙමින් සිටිය දී නුවන් තුෂාර ද ආබාධයකට ලක් වූ බව සඳහන්.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (04) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, රෝහිත් ශර්මා විසින්.

දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු සමවී අවසන් වීමත් විශේෂත්වයක්.

World News