Latest News

සෙනසුරු ග්‍රහයාගේ වළල්ල හිටි හැටියේම අතුරුදන් වෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෙනසුරු ග්‍රහයාගේ සංඛේතාත්මක වළලු අතුරුදන් වී තිබෙන බව විද්‍යාඥයින් පවසනවා.

දුර්ලභ සිදුවීමක් වන මෙය සෙනසුරා ග්‍රහයාගේ පෘථිවියට වළලු ආකාරයෙන් පෙනෙන දූවිලි අංශු පෘථිවියෙන් ඈත් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම අවස්ථාව “ring plane crossing” ලෙස හැඳින්වෙනවා.

2009 වසරෙන් පසු සිදුවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

සෙනසුරු එහි අක්ෂය මත අංශක 26.7 කින් නැඹුරු වී ඇති අතර එය පෘථිවිය නැඹුරු වී ඇති ආකාරය හා සමාන වනවා.

ඒ අනුව සෑම වසර 13 ත් 15 ත් අතර කාලයකට වරක් පෘථිවිය සෙනසුරුගේ වළලු වල පැතලි තලය සමඟ පරිපූර්ණ ලෙස රේඛා ගත වනු ඇති.

එය සිදු වූ විට, සෙනසුරුගේ සිහින් වළලු අපගේ දෘෂ්ටි කෝණයෙන් බලනවිට නොපෙනෙන බවයි විද්‍යාඥයින් පැහැදිලි කර ඇත්තේ.

World News

Send your contact Details Today