තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ඉදිරියේදී රියදුරන්ට Govpay වේදිකාව හරහා රථවාහන දඩ ගෙවීමට හැකි වනු ඇති බව නිවේදනය කර තිබෙනවා.
ICTA මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා මෙම මූලික ව්‍යාපෘතිය සඳහා සූදානම් වීම් අවසන් කර ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා ගිවිසුමක් අත්සන් කරනු ලබන බවයි තහවුරු කර ඇත්තේ.
රජයේ ගෙවීම් සඳහා වන නිල මාර්ගගත වේදිකාවක් වන Govpay, දැනටමත් බදු, දඩ හා උපයෝගිතා බිල්පත් වැනි සේවා සඳහා ප්‍රයෝජනවත් වනවා.
එය දියත් කළ දා සිට, Govpay වේදිකාව රජයේ ආයතන 25ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර, සතිපතා තවත් ආයතන එක් කරනු ලබනවා.
මෙම නව පියවර රියදුරන්ට රථවාහන දඩ ගෙවීම සඳහා පහසු, කාර්යක්ෂම ක්‍රමයක් ලබා දෙනු ඇති අතර, එය රජයේ ගෙවීම් ක්‍රමවේදය ඩිජිටල්කරණය කිරීමේ දිගුකාලීන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස සැලකෙනවා.
මින් ඉහත රථවාහන දඩ ගෙවීම අදාළ පොලිස් බල ප්‍රදේශයේ තැපැල් කාර්යාලය ඔස්සේ පත්‍රිකා පිරවීම මඟින් සිදුකළ යුතුවූ අතර මේ නිසා සුළු වරදකටත් රස්තියාදුවී දඩගෙවීමට සිදුවීම ගැන රියදුරන් මැසිවිලි නගා තිබුණා.
Govpay වේදිකාව හරහා රියදුරන්ට ඔවුන්ගේ ජංගම දුරකථන, පරිගණක හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරමින් ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට රථවාහන දඩ ගෙවීමට හැකි වනු ඇති.
මෙම පද්ධතිය මඟින් මාර්ගගත ගෙවීම් සඳහා ආරක්ෂිත, විශ්වාසනීය විසඳුමක් ලබා දෙන අතර, එය පුරවැසියන්ට සහ රජයට සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වනවා.
එමෙන්ම පොලිසිය රඳවා ගන්නා බලපත්‍ර පොලිසියට ගොස් ලබාගත යුතු වනු ඇති.
කෙසේ වෙතත් ඉදිරියේදී වාහන බලපත්‍ර අවලංගු හෝ වලංගු බාවය ඩිජිටල්කරණය කිරීමෙන් පසු දඩ ගෙවීම හා බලපත්‍රය සක්‍රීය කරගැනීමද අන්තර්ජාලය තුළින්ම කරගත හැකිවනු ඇති.
ICTA ආයතනය මෙම ආරම්භක මෙහෙයුම සාර්ථක කර ගැනීමෙන් පසුව, අනාගතයේදී තවත් රාජ්‍ය සේවා Govpay වේදිකාවට එකතු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ප්‍රයත්නය මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය සේවා පරිවර්තනයේ සංධිස්ථානයක් සනිටුහන් කරන අතර, සමස්ත පුරවැසි අත්දැකීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරෙනවා.