ලබන සතියේ සිට වෙරළ තීර 51 ක Shark Nets ඉවත් කිරීමට නිව් සවුත්වේල්ස් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව Newcastle සහ Wollongong අතර Shark Nets ඉවත් කරන බවයි රජය කියාසිටියේ.
සෑම වසරකම සැප්තැම්බර් පළමු වනදා සිට උණුසුම් මාසවලදී මෙම Shark Nets දැමීම ඔස්ට්‍රේලියා රජය විසින් සිදුකරනු ලබනවා.
සාමාන්‍යයෙන් අප්‍රේල් 30 වනදා තෙක් ක්‍රියාත්මක වන මෙම Shark Nets වැඩපිළිවෙල මෙවර මෙම මාසයේ ඉවත් කිරීමටයි NSW රජයට සිදුව ඇත්තේ.
කැස්බෑ ක්‍රියාකාරකම් ඉහළයාම ඊට හේතුව බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර මෝර ප්‍රහාර ඉහලයාම හේතුවෙන් රතු සහ කහ කොඩි අතර රැඳීසිටින ලෙසත්, වෙරළට සමීපව සිටින ලෙසත්, උදේ/සවස් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ පිහිනීමෙන් වළකින ලෙසත් ජනතාවට දැනුම්දෙනවා.
එමෙන්ම ලේ ගලන කැපුම් තුවාල සහිතව පිහිනීමට නොයන ලෙසයි පිහිනුම්කරුවන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටින්නේ.