Latest News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ජනතාව හමුවට එන වේලාව දැනුම්දෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාසයකට අධික කාලයක් රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ දී ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

රෝමයේ වේලාවෙන් අද මධ්‍යහ්න 12 ට එය සිදු වනු ඇති බවයි වතිකානය නිවේදනය කළේ.

රෝහල් ගත කිරීමෙන් මසකට පසුව පළමුවරට උන්වහන්සේගේ ඡායාරූපයක් ද පසුගිය දා වතිකානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෙනහලුවල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණේ පසුගිය මස 14 වනදායි.

උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින නමුත් තවදුරටත් ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය බව සඳහන්.

World News

Send your contact Details Today