Latest News

සෙකන්ඩ් හෑන්ඩ් වාහන අඩුවට ගන්න බලාගෙන ඉන්න අය බලන්නම ඕන පුවත මෙන්න

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමත් සමඟ පැරැණි වාහන සඳහා නිසි වෙළෙඳ පොළක් හැදෙන්නට මාසයක් හෝ දෙකක් පමණ ගතවන බවත් එවිට වැගන් ආර්, විට්ස් ඇතුළු වර්ග කිහිපයක මෝටර් රථ මිල අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් දේශීය වශයෙන් පාවිච්චි කළ වාහන අළෙවිකරුවෝ පවසනවා.

මේ අනුව වැගන් ආර් වැනි පාවිච්චි කළ කුඩා වාහන මිලදී ගැනීමට සිටිනවා නම් දැන් ඉති ප්‍රභියේ විකිණීමට දඹා ඇති වාහන මිලදී ගැනීමට නොයා ඒවාට නිසි මිලක් හැදෙනතෙක් බලාගෙන සිටීම නුවණක්කාර බවයි එම වෙළෙඳපොළ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

වාහන ආනයන කරන්නන් ජපානෙන් වාහන මිලදී ගෙන එරට තබාගෙන ඇති බවත් ලංකාවෙන් ලැබෙන ඇණවුම් අනුව මෙරටට එවන බැවින් පසුගිය වසර හතකට පෙර ආකාරයට පැවැති වෙළෙඳපොළ මෙවර බැලාපොරොත්තු විය නොහැකි බවත් ඔවුහු පවසනවා.

වාහන ආනයනයට ඉඩ ඇත්තේ මෙම වසරේ ජුලි 31 දා වනතෙක් පමණක් බැවින් වාහන විශාල සංඛ්‍යාවක් ආනයනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් වෙළෙන්දෝ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මිල කීයක් වුවද වාහන ගැනීමට පාරිභෝගිකයා තුළ ලොකු උනන්දුවක් පවතින බවත් ඒ තුළ වාහන අලෙවිකරන්නන් වන තම් පාර්ශ්වයටත් ලීසිං සමාගම් සඳහාත් වාසිදායක වෙළෙඳපොළක් නිර්මාණය වීමේ ඉඩකඩ පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

World News

Send your contact Details Today