Latest News

පවුලේ වෛද්‍යවරයා සංකල්පය ශ්‍රී ලංකාවට – ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවුලේ වෛද්‍යවරයා සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණ බවයි.

මේ යටතේ ග්‍රාම නිලධාරී වසම් 3කට එක් වෛද්‍යවරයකු බැගින් අනුයුක්ත කෙරෙන අතර ඒ සඳහා වෙනම මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කෙරෙනු ඇති.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පළමු අදියර ගාල්ල හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today