ඩිජිටල් නීති කඩ කළ බවට යුරෝපා කොමිසම විසින් අමෙරිකානු තාක්ෂණික සමාගම් දෙකක් වන Apple සහ Google වෙත චෝදනා කර තිබෙනවා.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සහ යුරෝපා සංගමය අතර දැනටමත් හටගෙන ඇති මතභේදය තවත් උග්‍ර කරනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.
විදෙස් සමාගම් සදහා අමෙරිකාව විසින් දැඩි තීරුබදු පනවන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී අවධාරණය කළා.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසටයි යුරෝපා ඩිජිටල් නීති කඩකළ බවට යුරෝපා සංගමය Google සහ Apple සමාගම් වෙත චෝදනා කර ඇත්තේ.
මේ අනුව වාර්ෂික ආදායමෙන් සියයට 10 ක දඩයකට යටත් වීමට ඔවුන්ට සිදුවනු ඇති.
Apple සමාගම පසුගිය වර්ෂයේදී ඩොලර් බිලියන 391 ක ආදායමක් උපයා තිබුණා.
යුරෝපා සංගමයේ රෙගුලාසි අනුව ඔවුන්ට ඩොලර් බිලියන 80 ක පමණ දඩයක් නියම වනු ඇති බවටයි මත පළ වන්නේ.