Latest News

“මම ආසාවෙන් හිටියේ විලන් කෙනෙක් වෙන්න” – සඳනි ප්‍රනාන්දු

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද අපේ කතාබහ වර්තමානයේ පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන සුන්දර තරුණියක් එක්ක. සඳනි ප්‍රනාන්දු කිව්වම කවුද නොදන්නෙ? සඳනි මේ දවස්වල ඇයටත් අපටත් දෙගොල්ලන්ටම අලුත්, වෙනස් චරිතයක් රඟපානවා. ඒ ජුරාලියා නාට්‍යයේ මිසිස් ඉද්දමල්ගොඩ කියන මන්ත්‍රීවරියගේ චරිතය. මේ චරිතයේ ඇතැම් තැන්වලට හැඩගැහෙන්න තරමක් අසීරු වුණා කියලයි සඳනිනම් කියන්නෙ. ඉද්දමල්ගොඩ චරිතය ගැන වගේම ඇගේ අනෙකුත් විස්තර ගැන කළ සරල කතා බහකුයි මේ.

සඳනි මේ දවස්වල දේශපාලනේ එක්ක කාර්යබහුල වෙලා නේද?

සඳනි කියන චරිතය පොලිටිකල් පැත්තට නැහැ. නමුත් මිසිස් ඉද්දමල්ගොඩ චරිතය කරන්න මට දේශපාලන දැනුමක් අවශ්‍ය වුණා. ජුරාලියා නාට්‍යයේ මේ චරිතය ගැන මට කිව්වම හරිම ආසාවක් ඇති වුණා. ඒ වගේ චරිතයක් කලින් කරලත් නැති නිසා අභියෝගය බාරගන්න හිතුණා. චරිතෙට හැඩගැහෙන්න මුලින් චුට්ටක් අමාරු වුණා. මොකද ඒක දේශපාලන වටපිටාවක් එක්ක යන චරිතයක්. දේශපාලන කතාබහ, ඒවට අනුව මුහුණෙ ඉරියව් වෙනස් කරගන්න විදිහ තමයි ටිකක් අමාරු වුණේ.

කවදහරි රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?

මං ආසයි විලන් කෙනෙක්ගෙ චරිතයක් රඟපාන්න. විසේකාරි නාට්‍යයේත් මම කරන්නෙ තරමක් නපුරු චරිතයක්. කළුත් නැති සුදුත් නැති අළු චරිතයකට ආසයි.

සාමාන්‍ය ජීවිතේදි සඳනි මොනවගේ චරිතයක්ද?

පාඩුවෙ ඉන්න කෙනෙක්. කේන්ති යනවා අදාළ තැන්වලදි. එහෙම නැතුව නිකරුණේ හැමදේටම කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි.

සුරතලුන් දෙන්නා ගැන කතා කළොත්…

ඒ දෙන්නා කොකෝ සහ කෙලී. ඇමෙරිකන් බුලි වර්ගයේ. මුලින්ම බලු පැටියෙක් ගන්න අදහස ආවෙ පියත්ට. මමත් සත්තුන්ට හරිම ආදරෙයි. පුංචි කාලෙ ඉඳන්ම මට සුරතලුන් ඉඳලා තියෙනවා.

නමුත් පියත් සුරතලෙක් ඇති කරලා තිබුණෙම නෑ. ඉතින් එයාගෙ ආසාවට තමයි මෙයාලා දෙන්නව ගත්තෙ. එක බලු පැටියෙක් ගත්තොත් එයා තනිවෙන නිසා අන්තිමේ දෙන්නෙක්වම ගත්තා.

සඳනි කලාවේ මේ තාක් ආවේ ලේසි ගමනක්ද?

මම හිතනවා මම කලාවේ හෙමින් ගමනක් ආවෙ කියලා. කලාවට ඇවිත් අවුරුදු හතක් අටක් විතර වෙනවා.

එකපාර වැඩ ගොඩක් බාරඅරගෙන කරපු කෙනෙක් නෙවෙයි. ආපු ගමන ගොඩක් අමාරු නෑ. හැබැයි ලේසියි කියන්නත් බෑ.

World News

Send your contact Details Today