කැනඩාවේ නව නීතිපති සහ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු වන ගැරී සංගරීට හිමිව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු වූ ආනන්ද සංගරීගේ පුතායි.
ඔහු එම තනතුරට පත් වූ පළමු දෙමළ – කැනේඩියානු ජාතිකයා වනවා.
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි මාර්ක් කර්නි දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, වසර 09 ක කැනේඩියානු අගමැති ධුර කාලය අවසන් කරමින් ජස්ටින් ටෲඩෝ පාලක ලිබරල් පක්ෂයෙන් ඉවත්ව යෑමෙන් පසුවයි.
මෙහිදී අදහස් දැක්වූ කැනේඩියානු නව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, තම රට ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක් වීමට සූදානම් නොමැති බවයි.