Latest News

කැනඩාවේ නව අගමැතිගෙන් ජනතාවට ප්‍රතිඥාවක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය රට කිසිදාක එක්සත් ජනපදයේ කොටසක් බවට පත් නොවන බව කැනඩා නව අග්‍රාමාත්‍ය මාර්ක් කානි ප්‍රතිඥා දී තිබෙනවා.

කැනඩාව සිය “51වන ප්‍රාන්තය” ලෙස එක්සත් ජනපදයට එක්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස් ගැන සඳහන් කරමින් මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජස්ටින් ටෲඩෝ හිටපු අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙරට වේලාවෙන් ඊයේ (14) රාත්‍රීයේ දිවුරුම් දුන්නා.

ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලන නවකයෙකු වන මාර්ක් කානි, කැනඩාවේ සහ එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කර තිබෙනවා.

දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව අදහස් පළ කරමින් කැනඩා අගමැතිවරයා පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.

එක්සත් ජනපදයට සහ ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරන බව ද කැනඩා නව අගමැතිවරයා එහිදී පවසා තිබෙනවා.

World News

Send your contact Details Today