අමෙරිකාවේ වොෂින්ටන් ජනපදයේ, ඇඩම්ස් ගිනි කන්ද කෙමෙන් කෙමෙන් සක්‍රීය වෙමින් පවතින බව එරට භූ විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
ඇඩම්ස් ගිනි කන්ද අඩි 12,000 ක් උසින් යුක්ත වන අතර, එය පිහිටා ඇත්තේ යකීමා නගරයේ සිට සැතපුම් 55 ක් දුරින්.
ගිනි කන්ද පුපුරා ගියොත්, ලාවා අළු සහ ගිනි කන්ද මුදුනේ ඇති අයිස් තට්ටු නාය යනු ඇති බවත්, ඒවා සැතපුම් 50 ක් පමණ දුරට විසිරී පැතිරී යනු ඇති බවත් පැවසෙනවා.
මෙම ගිනි කන්ද මීට පෙර සක්‍රිය වී පුපුරා ගොස් ඇත්තේ වසර 1,000 කට පෙරයි.