Latest News

චූටි බබාලටත් ලැම්බෝගිනි පදින්න අවස්ථාවක් (PHOTOS)

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි සුපිරි මෝටර් රථ නිෂ්පාදකයකු වන ලැම්බෝගිනි Automobili Lamborghini, Reef AL Arancio නමින් ළදරු ස්ට්‍රෝලරයක් නිපදවා තිබෙනවා.

ඒ බ්‍රිතාන්‍යයේ පැරණිතම ප්‍රෑම් සඳහා ප්‍රසිද්ධ සන්නාමය වන Silver Cross සමඟ එක්වයි.

ලොව පුරා ඒකක 500කට සීමා වී ඇති නව ස්ට්‍රෝලර් එකක මිල බ්‍රිතාන්‍ය පවුම් 4,000 (ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 5,165) ක් වන බවයි පැවැසෙන්නේ.

Automobili Lamborghini මේවා අළෙවි කරන්නේ ”ඒවා ඔබේ දරුවාට ජීවිතය ආරම්භ කිරීමට හොඳම ක්‍රමය වේ. එසේම ඔබට (අම්මාට සහ තාත්තාට) නිල වශයෙන් Lamborghini හිමිකරුවකු ලෙස හැඳින්වීමට ඇති ලාභම ක්‍රමය බවට පත්කරයි.” යනුවෙන් පවසමින්.

සිනිඳු කළු රෙදි මගින් සකසා ඇති එය ලැම්බෝගිනි වෙළඳ නාමයේ ප්‍රකට තැඹිලි පැහැයෙන්ද යුක්ත වන අතර, ළදරුවාට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත බව Automobili Lamborghini පවසනවා.

World News