Latest News

Paris 2024 Olympics: පදක්කම් සටහනේ චීනය පෙරමුණේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැරිස් ඔලිම්පික් උළෙලේ මෙතෙක් පැවති තරඟ අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබෙනවා.

ඒ, රන් පදක්කම් 09ක් සමග සමස්ත පදක්කම් 19ක් දිනා ගනිමින්.

දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ප්‍රංශයයි.

ඒ, රන් පදක්කම් 08ක් සමග සමස්ත පදක්කම් 26ක් දිනා ගනිමින්.

රන් පදක්කම් 08ක් සමග සමස්ත පදක්කම් 15ක් දිනූ ජපානය තුන් වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව පසුවන්නේ සිව්වන ස්ථානයේයි.

ඒ, රන් පදක්කම් 07ක් දිනා ගනිමින්. දකුණු කොරියාව පදක්කම් සටහනේ 06වන ස්ථානයේ පසු වනවා.

වැඩිම පදක්කම් දිනූ පළමු රටවල් 10 අතර ආසියානු රටවල් තුනක් සිටීම විශේෂත්වයක්.

පැරිස් ඔලිම්පික් උළෙලේ මෙතෙක් පැවති තරඟ අවසානයේ අමෙරිකාවට හිමිව ඇත්තේ 07වන ස්ථානයයි.

World News

Send your contact Details Today