වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.
මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන්.
ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
එසේම කුසල් ජනිත්, ප්‍රමෝද් මදුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක කිරීමට ද තීරණය කර තිබෙනවා.
තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.