Latest News

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම දෙගුණයකට ආසන්න වර්ධනයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න වර්ධනයක් බවයි.

සංචාරක ඉපයීම් හැර සේවා අංශය වෙත මේ වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,762ක ලැබීම් වාර්තා වී ඇති බව සඳහන්.

මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ එම කාලවීම තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

මේ අතර ජුනි මාසය අවසාන වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ද ජූනි මාසය දක්වා අති ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

World News