Latest News

යුරෝපා නායකයින් ලබන සතියේ රැස්වෙයි – හේතුව මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා නායකයින් ලබන සතියේ රැස්වනවා.

රුසියා – යුක්‍රේන යුද්ධය නිමාවට පත්කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.

එම සාකච්ඡා සෞදියේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමටයි සැළසුම්කර තිබෙන්නේ.

නේටෝ සංවිධානය තුළ යුරෝපය විශාල කාර්යභාරයක් සිදුකරන බැවින් යුරෝපා රටවල ආරක්ෂාව සඳහා මෙම සාකච්ඡා සුවිශේෂී වනු ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today