ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරග වැදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා.
පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි.
26 හැවිරිදි නාඩා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ තුන්වැනි වරටයි.
ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තරග වේදිකාව තුළ ක්‍රීඩකයන් දෙදෙනෙකු දක්නට ලැබුණ ද සැබැවින්ම එහි තුන් දෙනෙකු සිටින බවයි.
ඒ තම කුසේ සිටින සත් මස බිළිඳිය සමඟයි.
ගැබිණියක් වුවත් ක්‍රීඩාව සහ ජීවිතය සමබර කර ගත් ඇයට ඔලිම්පික් උළෙලේම විශේෂ අවධානයක් යොමු වුණා.