තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලයේ මෙම වැවිලි බෝග වලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6ක්.
ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී තිබෙන බව අමාත්‍යාංශය පවසනවා.
තේ වතුවල දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකරන ලද පාරවල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක් වහා අරඹන්නැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.