වත්තල, මාටාගොඩ තෙමහල් නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 90 ක පුද්ගලයෙක්.
එම ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහා ක්‍රියාත්මක වූ ම පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වා ඇති අතර ගින්න හේතුවෙන් තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ සිටි පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා නිවස තුළම මියගොස් තිබෙන අයුරු පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
මරණකරුගේ බිරිඳ දින කීපයකට ඉහතදී රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින දියණියගේ නිවසට ගොස් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.