ඉතාලියේ ක්‍රියාත්මක දැවැන්ත මාෆියාව මර්ධනය කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස පුද්ගලයකින් එකසිය තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉතාලි පොලිසිය විසින්.
මෙලෙස සැලකිය යුතු අපරාධකරුවන් පිරිසක් එකවර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයයි.
අත්අඩංගුවට ගත් පිරිසට මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනී මැරීමට තැත්කිරීම්, කප්පම් ගැනීම්, නීති විරෝධී online සූදුව හා නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අත්අඩංගුවට ගැනීමත් සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් ඉතාලි අග්‍රාමාත්‍යවරිය විසින් X සටහනක් තබා තිබෙනවා.
ඇය සඳහන් කර ඇත්තේ මාෆියාවට එරෙහි සටන් නතර වී නොමැති අතර නොරැවටී එය ඉදිරියට ගමන් කරන බවයි.