සේවයට වාර්තා නොකර මත්තේගොඩ නිවසක සැඟවී සිටි 22 හැවිරිදි සෙබළියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොකාවිල් සහ සඳුන්පුර යුද හමුදා කඳවුරුවලට අනුයුක්තව සේවය කළ මෙම සෙබළියන් හසලක, දෙනිපිටිය සහ පොල්ගස්ඕවිට ප්රදේශවල පදිංචිකාරිනියන් වනවා.
පොල්ගස්ඕවිට ප්රදේශයේ සෙබළිය නිවාඩු ලබා සිටි අතර අනෙක් දෙදෙනා ඇය බැලීමට පැමිණ දින කිහිපයක් එම නිවසේ රැඳී සිට තිබෙනවා.
ඔවුන් පැමිණ සිටින බව නිවසේ පදිංචිකරුවෙක් පොලිසිය 119ට පැමිණිලි කර තිබුණා.
විමර්ශනය කිරීමේදී සෙබළියන් සැබවින්ම සේවය අතහැර යන බව පොලිසියට අනාවරණය වී තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් යුද හමුදාව වෙත භාර දී තිබෙනවා.