Latest News

යුරෝපයට ටෙස්ලා එපාවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව අංක එකේ බිලියන පතියා වන ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ අලෙවිය යුරෝපය පුරා පහත වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ජර්මනියේ AFD පක්ෂ නායකත්වය දරණ බවට ඊලෝන් මස්ක් සජීවි මාධ්‍යයක ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව පාරිභෝගිකයන් ටෙස්ලා සඳහා ඉල්ලුම අඩුකර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ජර්මනිය තුළ නව ටෙස්ලා මෝටර් රථ ලියාපදිංචිය වසරින් වසර සියයට 60 කින් පමණ දරුණු ලෙස පහත වැටී ඇති බව පර්යේෂණ වාර්තාවක සඳහන් වනවා.

එමෙන්ම ප්‍රංශයේ ටෙස්ලා අලෙවිය සියයට 63 කින් පහත වැටී ඇති අතර ස්විඩනයේ එය සියයට 44 කින් පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

නෝර්වේ හි සියයට 38 කින් ද නෙදර්ලන්තයේ සියයට 42 කින් ද එක්සත් රාජධානියේ ද ටෙස්ලා සමාගම සඳහා ඉල්ලුම අඩු වී තිබෙනවා.

යුරෝපයේ අනෙක් EV මෝටර් රථ සඳහා ඉල්ලුම වැඩිවීම ද ටෙස්ලා සමාගමේ ඉල්ලුම පහත වැටීමට හේතුවනු ඇති.

World News

Send your contact Details Today