2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩිකා ගංගා සෙනවිරත්න සමත්ව තිබෙනවා.
ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවුණා.
කෙසේවෙතත් ඇයගේ එම තරග නිමි කාලය ඉදිරි වටය සඳහා ප්රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ.
එම තරග ඉසව්වේ සමස්ත ක්රීඩිකාවන් අතරින් 30 වන ස්ථානය ගංගා සෙනවිරත්නට හිමිව තිබෙනවා.
ඒ අනුව ඇය අවසන් 16දෙනා අතරට තේරී පත්ව නැහැ.