Latest News

Women’s T20 Asia Cup: සිංහ ධේනුවන්, ආසියාවේ ශූරතාව දිනාගනී

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම අභිමානයට ලක්කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු ආසියානු කිරුළු (එක්දින හෝ විස්සයි20) වන අතර, බංග්ලාදේශ කණ්ඩායමෙන් පසු ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළක් දිනූ එකම රටත් ශ්‍රී ලංකාව වනවා

2004 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය එක්දින මෙන්ම විස්සයි20 යන ආකෘති ද්විත්වයෙන්ම පැවැත්වෙන්නක් වන අතර, මෙවර පැවැත්වෙන්නේ එහි 09වැනි අදියරයි.

තරග ඉතිහාසයේ 2018 අදියර බංග්ලාදේශ විසින් ජයගැනීම හැරෙන්න අනෙකුත් සෑම අදියරයක්ම එනම්, 2004, 2005/96, 2006, 2008, 2012, 2016, 2022 යන සෑම වර්ශයකම ශූරතාව දිනාගත්තේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකා මෙම තරගාවලි ඉතිහාසයේ ලබාසිටි ඉහළම ජයග්‍රහණ වූයේ 2004, 2005/06, 2006, 2008 හා 2022 වර්ෂයන්හි අනුශූරියන් ලෙසින් කිරුළු පැළදීමයි.

මෙහිදී ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 166ක ඉලක්කය තරගයේ 18.4වැනි පන්දුවාරයේදී කඩුලු 02ක් දැවී තිබියදී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සමත් වුණා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරියන් හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 69), නායිකා චමරි අතපත්තු (61), කවීෂා දිල්හාරි (නොදැවී 30) අතිවිශිෂ්ට පිතිහරඹයක නිතර විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 165ක් රැස්කිරීමට සමත් වුණා.

ඉනිම ගොඩනැගීමේදී ස්මිත්‍රි මන්දනා පන්දු 47කින් ලකුනු 60ක් රැස්කිරීමට සමත් වූ අතර, පසුපෙළින් පැමිණි රිචා ගෝෂ් පන්දු 14කින් ප්‍රහාරාත්මක ලකුණු 30ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 02ක් දවා ගනිද්දී, උදේෂිකා ප්‍රබෝධනී (1/27), සචින් නිසංසලා (1/20) හා චමරි අතපත්තු (1/28) එක් කඩුල්ල බැගින් දවාගත්තා.

World News