අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස මේ මස මැද භාගයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ප්‍රධාන තනතුරු රැසකට ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ පදිංචිවී සිටින මිලියන 4.5ක් වන ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් එරට විශාලතම සහ වඩාත්ම සාර්ථක සංක්‍රමණික ප්‍රජාව බවට පත්වී ඇති බව ද සඳහන්.
ඉන්දීය ඩයස්පෝරාවේ අමෙරිකානු සාර්ථකත්වය නමින් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර සමුළුවක් පවත්වා ඇතැයි ද, එහිදී ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් අමෙරිකාවේ විවිධ ක්ෂේත්රවලින් ලැබූ ජයග්‍රහණ සහ සාර්ථකත්වය පිළිබඳ සාකච්ඡාවකට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් නියෝජනය කරමින් තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, ශාස්ත්‍රීය, දේශපාලන හා කලාව ඇතුළු අමෙරිකාවේ විවිධ ක්ෂේත්රවල නිරතව සිටින අමෙරිකාවේ ඉන්දීය සංක්‍රමණික ප්‍රජාව දක්වනු ලබන ඉහළ දක්ෂතා හේතුවෙන් එරට විශ්වවිද්‍යාලවල වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ඉන්දියාවේ සිසු සිසුවියන් විශාල පිරිසකට සැලකිය යුතු ආකාරයේ අවස්ථාව ලැබී තිබෙන බව ද සඳහන් වනවා.