Latest News

කෘත්‍රිම බුද්ධියේ ගෝලීය බලවතා වීමට අමෙරිකාව සහ චීනය අතර තරගයක්

Published 6 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැලකිය යුතු ආර්ථික සහ උපායමාර්ගික ප්‍රතිලාභ අත්කර දෙන ලෝක තාක්ෂණයේ පෙරළිකාර ක්ෂේත්‍රය වන කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ගෝලීය ප්‍රමුඛයා වීමට අමෙරිකාව සහ චීනය අතර දැඩි තරගකාරිත්වයක් උද්ගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව වර්තමානයේදී චීනය විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත්, එය අමෙරිකාවට විශාල අභියෝගයක් බවට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ආර්ථික සහ හමුදාමය බලය කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරන කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණය සඳහා අමෙරිකාව සහ චීනය එකිනෙකට වෙනස් ප්‍රවේශ තුළින් ඉදිරියට පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

නවෝත්පාදනය වේගවත් කිරීමට සහ එහි තාක්ෂණික වාසිය අත්කර ගැනීමට අමෙරිකාවේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අතර, පරිගණක තාක්ෂණයෙන් සහ විද්‍යා ක්ෂේත්‍රයෙන් ලෝක ආධිපත්‍ය පතුරුවාලීමට චිනය කෘත්‍රිම බුද්ධිය භාවිත කරන බව නව විද්‍යා ප්‍රවණතා පිළිබඳ ගෝලීය විද්වතුන් අනාවරණය කර තිබෙනවා.

දෙරටම නව්‍යතාව, ඵලදායිතාව සහ ශ්‍රම බළකාය කෙරෙහි වැඩි අවධානය යොමු කළ ද, කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණය වෙනුවෙන් අතිවිශාල ආයෝජනයක් සිදු කරන චීනය තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ස්වයංපෝෂිත රටක් බවට පත්වීමේ ඉලක්කය කරා යමින් සිටින බවයි නව විද්‍යා ප්‍රවණතා පිළිබඳ ගෝලීය විද්වතුන් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.

World News