Latest News

ලොව විශාලතම ආගමික උත්සවය පැවැත්වීම සඳහා ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය සූදානම්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුම්භමේලාව පැවැත්වීම සඳහා ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය සූදානම් කිරීමට බලධාරීන් කාලයට එරෙහිව තරඟ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මානව වර්ගයාගේ විශාලතම රැස්වීම ලෙස විස්තර කර ඇති මෙම හින්දු උත්සවය සෑම වසර 12 කට වරක් පවත්වනු ලබනවා.

ජනවාරි 13 සිට පෙබරවාරි 26 දක්වා දින 45 ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බැතිමතුන් ගණන කෝටි 45 ක්.

ඉදිරි සති හය තුළ, බැතිමතුන් ඉන්දියාවේ සංගම් හි ස්නානය කරනු ඇති. එය ඉන්දියාවේ වඩාත්ම පූජනීය ගංගා ගඟ යමුනා ගඟ සහ දේවතාවිය වන සරස්වතී සමඟ එක්වන ස්ථානය ලෙස බැතිමතුන් විශ්වාස කරන ස්ථානයක්.

පළමු ප්‍රධාන ස්නානය කරන දිනය වන අඟහරුවාදා, අළු ආලේපිත නිරුවත් හින්දු ශුද්ධ පුරුෂයන්, එම ස්ථානයට අලුයම පැමිණ ස්නානය කරනු දැකගත හැකියි.

මහා කුම්භයේදී ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා උත්තර් ප්‍රදේශ් පොලිසිය නගරය පුරා දැවැන්ත ආරක්ෂක විධිවිධාන යොදා තිබෙනවා.

පැය 24 පුරාම නිරීක්ෂණ සැපයීම සඳහා පළමු වරට නගරය පුරා මීටර් 100 ක් දක්වා කිමිදිය හැකි දිය යට ඩ්‍රෝන යානා යොදවා ඇති අතර කෘතිම බුද්ධි (ඇඓ) හැකියාවන් සහිත කැමරා 2,700 ක් ඇතුල්වීමේ ස්ථානවල භාවිත අකරන බව සඳහන්.

බැතිමතුන්ට නවාතැන් ගැනීම සඳහා බලධාරීන් කූඩාරම් 150,000 ක් සහ අමතර වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කර තිබෙනවා.

බැතිමතුන් සඳහා විදුලි බස් රථ කිහිපයක් ඇති අතර, උත්සවය අතරතුර සංචාර 3,300 ක් සිදු කරන විශේෂ දුම්රිය 98 ක් ඉන්දියානු දුම්රිය සේවය විසින් හඳුන්වා දී තිබෙනවා.

මීට අමතරව, නගරයේ මාර්ග 92 ක් ප්‍රතිසංස්කරණය කිරීම, පාලම් 30 ක් ඉදිකිරීම සහ බහුභාෂා සංඥා පුවරු 800 ක් ස්ථාපනය කිරීම බලධාරීන් විසින් මේ වන විට සිදු කර අවසන්.

සෞඛ්‍ය පහසුකම් සඳහා, ශල්‍යකර්ම සහ රෝග විනිශ්චය පහසුකම් වලින් සමන්විත තාවකාලික රෝහල් මෙම උත්සවය වෙනුවෙන්ම පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News