අනතුරට ලක්වූ දකුණු කොරියා ගුවන් යානයේ අවසන් මිනිත්තු 4 සම්බන්ධයෙන් තොරතුරු නොමැති බව වාර්තා වනවා.
මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා දකුණු කොරියා ජේජු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වුණා.
අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකිවූයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට පමණයි.
ගුවන් යානයේ දත්ත හා ගුවන් නියමු කුටියේ හඬ පට අඩංගු කලු පෙට්ටිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙන අතර අවසන් මිනිත්තු 4 තුළදී එහි කිසිවක් පටගත වී නොමැති බවයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරන්නේ.
පටිගතවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ද මේ වනවිට වෙනමම විමර්ශනයක් සිදුකෙරෙන බව දකුණු කොරියා බලධාරීන් නිවේදනය කරනවා.
එමෙන්ම එම සියලු දත්ත ඇමෙරිකාවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකට භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.