Latest News

ධනංජයගේ සහෝදරයාට කඩු ප්‍රහාරයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයෙකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට කඩු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධනංජය ද සිල්වාගේ සහෝදරයා ප්‍රතිකාර සඳහා ඊයේ (10) රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල තිබෙන බව පොලීසිය පැවසුවා.

පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ධනංය ද සිල්වා සහ සාවිත්‍ර සිල්වා යන අයගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි රංජන් ද සිල්වා මහතාව 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

කෙසේවෙතත් තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වනවා.

World News